RSS

Tuesday, May 3, 2011

ආදරය දැනුන හැටි




****** මම පරක්කුද?
මම අහන්න පුලුවන් ගොන්ම ප්රතශ්නය ඇහුවා
පොඩ්ඩක් මුන එල්ලගෙන පොඩ්ඩක් සැර
කරාම මම ඉතින් ටිකක් වැඩිපුරත් එක්ක මුන එල්ලගන්නවනේ..:P
"අද ඔෆිස් 1 මාර වැඩේනේ නේ උනේ........කියන්න හිටියේ....
කො ඉතින් ආපු ගමන් මුන එල්ලගෙනනේ
ඉතින් කියන්න විදියක් නැනේ”
මටත් එක විනාඩියක් කට වහගෙන ඉන්න පුලුවන්ද කියල බලන්න කොච්චර නම් තරග කරල ඇතිද?
හැමදාම පරදිනවනේ........
පැනපු ගමන් අහනව "හානේ ඇත්තද?මට කිව්වේ වත් නැ" කියලා
ඔන්න ඔහොම තමයි අපි වැඩට ගිහින් එන අතරමගදි මූඩ් ෆික්x කරගන්නේ & මාව යාලු කරගන් නේ
මාර්ග ඵල ලැබෙන්න තරම් ඉවසලා ඉවසලා ඔෆිස් 1න් එලියට එන්නේ පොඩි එකෙක් මොන්ටිසොරියකින් එලිය ට බහිනවා වගේ

මීට අවුරුදු 18කට විතර කලින් මට මතකයි
මම පොඩි සුදු ගව්මක් ඇදන් ඉස්කොලේ ගිය හැටි
හැබැයි මම වෙන්න අති ඒ කලේ බයම ලමයා....
අපේ තාත්තා ගොඩක් උස නිසා මම මුන දාගෙන යන්නේ ගෙට්ටුව පැත්තට තාත්තා ඇවිත්ද?නැද්ද බලන්න
ඉස්කොලේ ඇරුනම
දුවලා ගිහින් අතේ එල්ලෙන්න
පොඩ්ඩක් පෙන්න නැති උනොත් ඉතින් ටැප් 1 වගේ තමයි අඩන්නේ
ඉස්සර නම් තාත්තා එක්ක මම පයින් යන්නේ
පාරේ දුව දුව
මොකද තාත්තා උස නිසා මට එ වේගෙට යා ගන්න බැනේ
දුව දුව තමයි තාම යන්නේ
හී හී.........
අය්යො මම මේ අවුරුදු 18 උස ගිහින් නැනේ
කොහොම උනත්
අද අවුරුදු 18කට පස්සේ එ අතීතය මට ආයි මතක් උනා
හැබයි අද ඉන්නේ නම් අවුරුදු 18 කලින් හිටපු චුටි කෙල්ලෙක් නෙමෙයි
මාර්ග ඵලයක් ලබෙන්න තරම් ඉවසලා ඉවසලා ප්ර ශ්න පත්තරයක්ම ඔලුවේ තියාගෙන බහින තරප්පු පේලියේ අන්තිම පඩියට අවිත් ඒ ප්ර ශ්න ඔක්කොම අන්තිම පඩියේ
නතරකරද්දි
මීට අවුරුදු 18ක කලින් හෙව්වා වගේ ගේට්ටුවක් නැතත් ඔටො door 1 දිහා බැලුනේ පුරුද්දට වගේ
ජීවිතය වෙනස් වෙලා
අපි අවුරුදු 18ක් ඉස්සරහට ඇවිත්
මම දැන් රස්සාවක් කරනවා...
හැබැයි තාත්තා තාමත්
ඉස්සර වගේම අපි වෙනුවෙන් දුක් විදිනවා....
වැඩ කොටියක් ව්තර තියාගෙන
පැය ගානක් රස්තියාදු වෙවි
බඩගින්නේ
ඉස්සෙල්ලා මම කියපු ඔටො door 1ක ලග කෙනෙක් හිටියා...........

මේ කොලොම්පුරේ මහ රෑ තාත්තා කොහොම ආවද කියලා කල්පනා උනේ........
තරප්පු පේලියේ අන්තිම පඩියත් බහිනකොටයි
හිටපු "ඔයාව" දැක්කේ
කතාව එච්චරයි

මීට අවුරුදු 18කට කලින් තාත්තා ගේ අතේ එල්ලිලා ජිවිතය හොයා ගෙන ගියා.......
අවුරුදු 18කට පස්සේ ඔයගේ අතේ එල්ලිලා අනන්තය හොයා ගෙන ගියා....
අනේ වැරදුනා නේ.......
ගියා නෙමේ යනවා.......
Thank u for Ur sweet love